පසුගිය සතිය වන විට සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයට සම සංවිධයකයින් දෙදෙනෙක් ක්‍රියාකාරීව තම දේශපාලන කටයුතු වල නිරත වෙමින් සිටියා. ඒ ප්‍රඥා ප්‍රදීප නිර්මාතෲ ජයන්තද සිල්වා මහතා සහ හිටපු අමාත්‍ය MH මොහමඩ් මහතාගේ පුත්‍රයා වන ශාහුල් අමීඩ් මහතායි.
ජයන්ත ද සිල්වා මහතා එජාපයේ සිටි කාලයේ පටන්ම බොරැල්ල ආසන සංවිධායකවරයා ලෙස සේවය කල අතර ඔහු කොළඹ මහනගර සභාවේත් බස්නාහිර පළාත් සභාවේත් හිටපු මන්ත්‍රී වරයෙක්ද වනවා. ප්‍රඥා ප්‍රදීප නම් වැඩසටහන හරහා කොළඹ දිස්ත්‍රික්කය පුරාවටත් විශේෂයෙන්ම බොරැල්ල ආසනයේත් දුප්පත් දුවා දරුවන්ගේ අධ්‍යාපනයට මහා ශක්තියක් සැලසූ බව නොරහසක්. ලංකාව පුරා වර්ථමානයේ පොත් බෙදාදීමේ වැඩසටහන් කොතෙක් පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වසර 33 කට පෙර සිටම පොත් බෙදා දීමේ වැඩසටහන් නිර්මාණය කරමින් කල මෙහෙවරට පොත් මාමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා දුන්නේද ජයන්ත ද සිල්වා මහතායි. දිවන්ගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමීපතයෙක් වූ ජයන්තද සිල්වා මහතා එවකට ප්‍රේමදාස මහතාගේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේද විශාල කාර්යභාරයක් ඉටුකලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්වූ දෝශාභියෝගයේ ප්‍රධාන හේතුවක් වූයේද ජයන්තද සිල්වා මහතා සහ ප්‍රේමදාස මහතා අතර පැවති බැදීමයි.

බොරැල්ල ආසනයේ සම සංවිධායක ලෙස කටයුතුකල අනෙක් පුද්ගලයා වන්නේ හිටපු අමාත්‍ය MH මොහමඩ් මහතාගේ පුත්‍රයා වන ශාහුල් අමීඩ් මහතායි. JR ජයවර්ධන රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 14 වන කතානායකවරයාද වූ JR ජයවර්ධන යුගයේ බොරැල්ල සංවිධායකවරයාද වූ MH මොහමඩ් මහතාගේ පුත්‍රයා වන ශාහුල් අමීඩ් මහතා යම් සංවිධානාත්මක හැකියාවක් ඇති හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
පසුගිය 9 වැනිදා වනතුරු ජයන්තද සිල්වා මහතා සහ ශාහුල් අමීඩ් මහතා සමගිජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම කාලය ශ්‍රමය ධනය වැය කරමින් සංවිධාන කටයුතුවල නිරත වෙමින් සිටියා. අගෝස්තු 10 වැනිදා උදෑසන බොරැල්ල ආසනයට ජනක නම් අයෙකු පත් කර ඇති බවත් සමගි ජනබලවේගයේ නායකයා තමන් දෙදෙනාව බොරැල්ල ආසන සංවිධායක ධූරය ඉවත් කර ඇති බවත් ජයන්ත ද සිල්වා මහතා දැනගන්නේ ඊට පසු දින මුහුණු පොතේ සැරිසරන අවස්ථාවකදීයි.
වවුනියාව දිස්ත්‍රිකයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත්ව මනාප 7200 ක් පමණක් ලබාගත් ජනක නන්ද කුමාර නැමති ධන කුවේරයෙකුට සජබ නායකත්වය විසින් බොරැල්ල ආසනය විකුණා දමා තිබුනේ එලෙසිනි. අදාල සිදුවීම අන්තර්ජාලය හරහා දැනගත් පසු බෙහෙවින් කලබලයට හා කලකිරිමට පත් ජයන්ත ද සිල්වා මහතා ඒ මොහොතේම බිම ඇදවැටී කොළඹ ආසිරි පුද්ගලික රෝහලට ඇතුලත් කරණු ලැබුවා. දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නොවූ කීර්තිමත් දේශපාලකයෙකු වූ ජයන්තද සිල්වා මහතාගේ නිවැසියන් සතුව ආසිරි රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර කිරීමට මුදල් නොමැති වීම නිසා මෙන්ම ජයන්තද සිල්වාගේ ගිණුම් වලින් මුදල් ලබාගැනීමට එතුමාගේ රෝගීතත්වය මත ඇතිවූ බාධාව නිසා ජයන්තද සිල්වා මහතාගේ අත රැඳි බේස්ලටය විකුණා මුදල් ලබාගෙන බිල ගෙවා පළමු දවසින් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරන ලදුව ඊයේ (21) දහවල් ජීවන ගමන නිමා කලා. ජයන්ත ද සිල්වා මහතා රෝහල් ගතවූ මොහොතේ සිට මියගිය මොහොත දක්වා සජබ ප්‍රධාන නායකයින් තිදෙනා වන සජිත් ප්‍රේමදාස , ජලනි ප්‍රේමදාස , ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගෙන් කිසිවෙකුත් දුරකතන ඇමතුමක් හෝ ලබා නොදීම ගැන ජයන්ත ද සිල්වා මහතාගේ සමීපතමයින් සමගි ජනබලවේගය ගැනම දැඩි අප්‍රසාදයකින් පසුවෙති.

සජිත ප්‍රේමදාස මහතාගේ සමීපතමයින්ට අවසානයේ අත්වන ඉරණම මෙය බවට මින් පෙර තවත් උදාහරණයක් ලෙස මහිලාල් එම් සෙනෙවිරත්න ගේ ජීවිතය හඳුන්වා දිය හැක. රණසිංහ ප්‍රේමදාස මහතාගේ සිටම මාධ්‍ය කටයුතු කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් වරයා ලෙසද අසණීප වන තුරුම සේවය කල මහිලාල් සිය ජීවිතයේ අවසන් කාලයේ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ කරගත නොහැකිව තමන් සජිත් වෙනුවෙන් කල කී දේ ගැන අනේක වාරයක් පසු තැවෙනු දක්නට ලැබුනි. මතුගම කුඩා කාමරයක ඔත්පලව වැටී සිටින අතරතුර කරූ ජයසූරිය මහතා සහ එතුමන්ගේ දියණිය මැදිහත් නොවන්නට අදාල කාමරය තුලම කිසිදු ප්රථිකාරයක් නොලබා අවසන් හුස්ම හෙළීමට නියමිතව තිබුණි. මහිලාල් මහතාටද මියයන තුරුම සජිත් ප්‍රේමදාස හෝ ජලනි ප්‍රේමදාස ගෙන් දුරකතන ඇමතුමක් හෝ ලැබී තිබුණේ නැත. කෙසේ නමුත් මහිලාල් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සේවය කරන අතරතුර
සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දිවි දෙවැනි කොට දේශපාලනය කරන සැමගේ අවසානය එකම ආකාරයකට විසඳීම නිසාම සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අවසානයද ඒ ආකාරයටම විසදෙනු ඇති බවට කලකිරුණු සජබ සාමාජිකයින්ම අනාවැකි පල කරති
