ජනාධිපතිවරණයට දින කිහිපයක් පමනක් ඉතිරිව පවතින මොහොතක සියළු දේශපාලන පක්ෂ තමන්ගේ උපරිම බලය යොදවා තම කඳවුරේ ශක්තිමත් භාවය වැඩිකරගැනීමට විවිධ සැලසුම් ක්‍රියාවට නන්වමින් සිටියි. සමගි ජනබලවේගය පාර්ශවයෙන් ලක්ෂ්මන් ෆොන්සේකා සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් එජාප නායක ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන පිරිස් බිලිබා ගැනීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටින බවට දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්ථා කරයි.
අමාත්‍ය ජීවන් තොන්ඩමන් සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහය ලබා ගැනීම වෙනුවෙන් පසුගිය දින 10 පුරාවටම විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක වුවද ඔවුන් දෙදෙනාගේ සහය ලබාගැනීමට සමගි ජනබලවේගය ක්‍රියාත්මක කල මෙහෙයුම් අසාර්ථක වීම සජබයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුමට පවා බලපෑම් ඇති කර තිබුණි. පිය උරුමයෙන් දේශපාලනයෙහි නිරතවන යම් දේශපාලන පිළිගැනීමක් ඇති ඔවුන් දෙදෙනාම පවසා තිබුනේ මැතිවරණ ව්‍යාපාරයක් මැද පිල් මාරු කරමින් තමන්ගේ පියාගේ නාමයටද අපකීර්තියක් එක් කල නොහැකි බවයි.
එම ගැටලුවට විසඳුමක් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමගි ජනබලවේගයට එක් කරගැනීමට සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති අතර එම සාකච්චා සාර්ථක වී ඇති බවට දෙශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනු ලබනවා. කෙහෙලිය රඹුක්වැල්ල මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සියල්ලකම පාහේ ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගත් අතර කෙහෙලිය නියෝජනය කරන පාර්ශවය නුවර ජයග්‍රහනය කරන බවට මතයක්ද නුවර දිස්ත්‍රික් වැසියන් අතර පවතී.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇපලබා පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ප්‍රවර්ධනය කරවීමට තම දේශපාලන ක්‍රියාකාරීන් සිටින අතර ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වීම හරහා යම් ජනතා අප්‍රසාදයක් ඇතිවේ යැයි ඇති මතය හේතුවෙන් සමගි ජනබලවේගයේ මෙහෙයුම් සඳහා සෘජුව මැතිවරණ වේදිකාමතට එක්වීමකින් තොරව ක්‍රියාකාරීන් හරහා මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට එකඟව ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සනාත කරයි.
