ඉදරි මහ මැතිවරණය වෙනුවෙන් රත්නපුර දිස්ත්රික්කයෙන් නාමයෝජනා අත්සන් තැබූ දමිතා අබේරත්න මහත්මියට එම දිස්ත්රික්ක අපේක්ෂකත්වය අහිමි වී තිබේ. එයට හේතු වී තිබෙන්නේ සමගි ජන බලවේගයේ නාමයෝජනා කමිටුව මගින් දමිතා අබේරත්න මහත්මියට නාමයෝජනා ලබා දීමට ගත් තීරණයට එම පක්ෂයේ රත්නපුර දිස්ත්රික් නායක හේෂා විතානගේ මැතිතුමා දැඩි ලෙස විරෝධය පල කිරීමය. වාර්තා වන අන්දමට සමගි ජන බලවේගයේ නාමයෝජනා කමිටුව වෙත ද හේෂා විතානගේ මහතා සිය බලවත් අප්රසාදය පළ කර ඇත.
ඒ අනුව පසු ගිය දින කිහිපයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් බොහෝ දෙනාගේ කතා බහට ලක් වූ දමිතා අබේරත්න මහත්මියට හිමිවී තිබූ නාමයෝජනාව හේෂා විතානගේ මැතිතුමාගේ මැදිහත් විම මත එම දිස්ත්රික්කයේ වෙනත් කාන්තා අපේක්ෂිකාවකට ලබා දී ඇත.
ඒ අනුව බොහෝ දුරට දමිතා අබේරත්න මහත්මියගේ පාර්ලිමේන්තු සිහිනය මෙවර බොදවී යනු ඇත.
