පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් සහ අලි සාහීර් මව්ලානාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ.
එහිදී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා
වඩිවෙල් සුරේෂ්ව පත්කර ඇත්තේ කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසය.
ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
මේ අතර මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.
